Tuesday, July 27, 2010

මා ගැන

හායි මගෙ යාළුවනේ. මමත් ආවා ඔයාලත් එක්ක සැරිසරන්න. මේ අහන්නකෝ. මම ඔයාලව දන්නෙත් නහැ. ඔයාල මාව දන්නෙත් නැහැනේ. ඒ නිසා මම මගේ ගැන චුට්ටක් කියන්නම් හොදද. මගේ නම චතුරන්ගනී සෞම්‍යා අබේගුණවර්ධන. මම ඉන්නේ මීරිගම නගරෙට ටිකක් දුරින් තියෙන ලස්සනම ලස්සන පුංචිම පුංචි ගමක. මම ඉස්කෝලෙ ගියෙ වික්‍රමශිලා ජාතික පාසලට. අම්මයි තාත්තයි නංගියි එක්ක තමයි මම ජීවත් වෙන්නෙ. මම කැමති සිංදු අහන්නයි නිදියන්නයි. නිදියන්න කියපුවහම මම කම්මැලි කෙල්ලෙක් කියලනම් හිතනවට මම කැමති නැහැ. ඒ ඇයි කියල දන්නවද. මම කම්මැලි හරිම චුට්ටක් නිසා. ම‍ට එක වෙලේක‍ට ටිකක් විතර පිස්සු. ඒ මම යාළුවොත් එක්ක ඉද්දි. මම යාළුවන්ට හරිම කැමතියි. මම ආදරෙට ආදරේ කරන පුන්චි කෙල්ලෙක්. හිතට දුකක් දැනුනාම අඩන එක තමයි කරන්නෙ. හිතේ තරහ තියන් ඉන්න මම චුට්ටක් වත් කැමති නැහැ. ලස්සනට පිළිවෙලට ජීවත් වෙන්නයි මම කැමති. ම‍ට හොදම හොද පෙම්ව‍තෙක් ඉන්නවා. එයා ගැන නම් කියන්න බැහැ. මම පුන්චි ළමයින්ටයි සුරතල් සතුන්ටයි හරිම හරිම කැමතියි. ආ.... කියන්න අමතක උනා මම ආඩම්බර නැති හැමෝම එක්ක ආදරෙන් සතුටින් ඉන්නයි ගොඩක් කැමති. මම පුංචි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්න ගැහැණු ළමයෙක්. ඒ නිසා හැම වෙලේකම ලියන්න බැරි වෙයි. ඉඩ ලැබෙන හැම වෙලේකම ලියන්නම් හොඳද. විශ්ව ගම්මානයට පැමිණිලා ඉන්න මගේ යාළුවො ඔක්කොටම මම මගේ හදවතින්ම සුභ ගතනවා.